ඇමෙරිකා එක්සත් ජනපදය විසින් ඉරානයට එරෙහිව ආර්ථික පීඩන සහ දැඩි සම්බාධක තීව්ර කර ඇති පසුබිමක, රට තුළ මතුව ඇති මහජන නොසන්සුන්තා මධ්‍යයේ ජාතික එකමුුුත්වය ආරක්ෂා කරගන්නා ලෙස ඉරාන ජනාධිපති මසූද් පෙෂෙෂ්කියන් (Masoud Pezeshkian) ඉල්ලා සිටී.
විදේශීය සතුරන් විසින් රට තුළ අභ්‍යන්තර නොසන්සුන්තා ඇති කිරීමට සහ බෙදීම් නිර්මාණය කිරීමට උත්සාහ දරමින් සිටින බව පෙන්වා දී ඇති ජනාධිපතිවරයා, ජාතික ඒකාබද්ධතාවය හරහා එවැනි ඕනෑම උත්සාහයක් පරාජය කළ හැකි බව අවධාරණය කළේය. පසුගිය මාසයේදී වොෂින්ටන් පාලනය විසින් ඉරාන රජයේ සහ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායේ (IRGC) මූල්‍ය මූලාශ්‍ර ඉලක්ක කරගනිමින් දැඩි ආර්ථික සම්බාධක මාලාවක් හඳුන්වා දුන් අතර, ඉන්ධන සහ බලශක්ති අර්බුද හේතුවෙන් රට තුළ ආර්ථික අභියෝග රැසක් මතු වී තිබේ.














