තලෙයිමන්නාරම මුහුදු ප්‍රදේශයේ පිහිටි වැලිපරයක අතරමංව සිටියදී නාවික හමුදාව විසින් මුදාගත් පුද්ගලයින්ගේ සංඛ්‍යාව 11 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ. අද (05) පස්වරුවේ එම වැලිපරයේ තවදුරටත් සිටි තවත් තිදෙනෙකු නිරුපද්‍රිතව මුදාගැනීමත් සමඟ මෙම පිරිස වැඩි විය.
මුදාගත් නවතම පිරිස අතර පියෙකු සහ ඔහුගේ වයස අවුරුදු 11 සහ 13 පසුවන දරුවන් දෙදෙනෙකු ද වන බව නාවික හමුදාව සඳහන් කරයි. මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ දකුණු ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් නීතිවිරෝධී ලෙස මෙරටට පැමිණීමට උත්සාහ කිරීමේදී මෙම පිරිස අතරමං වී ඇති බවයි.
ඒ අනුව, ළමුන් 5 දෙනෙකු, කාන්තාවන් 4 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 2 දෙනෙකු ඇතුළුව මුළු පුද්ගලයින් 11 දෙනෙකු නාවික හමුදාව විසින් සාර්ථකව මුදාගෙන තිබේ. පීඩාවට පත් මෙම පිරිසට අවශ්‍ය ප්‍රථමාධාර සහ පහසුකම් ලබාදීමෙන් අනතුරුව, ඉදිරි නීතිමය හා පරිපාලන කටයුතු සඳහා තලෙයිමන්නාරම පොලිස් ස්ථානය වෙත භාරදීමට නියමිතය.














