මැදපෙරදිග කලාපයේ ඇමෙරිකානු අවි ආයුධ සහ යුද උපකරණ තොග ක්‍රමයෙන් අඩුවෙමින් පවතින බවට මාධ්‍ය වාර්තා පළ වීමත් සමඟ, රහසිගත තොරතුරු කාන්දුවීම් වැළැක්වීම සඳහා ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය විසින් පෙන්ටගනයේ නිලධාරීන් රැසකට බහුග්රාහී පරීක්ෂණ (polygraph tests) එනම් ලයි-ඩිටෙක්ටර් පරීක්ෂණ සිදුකර තිබේ.
නිව් යෝර්ක් ටයිම්ස් (NYT) පුවත්පත වාර්තා කරන ආකාරයට, පසුගිය අගෝස්තු මාසයේදී පමණ පෙන්ටගනයේ ඒකාබද්ධ කාර්ය මණ්ඩලය (Joint Staff) සමඟ කටයුතු කරන හමුදා නිලධාරීන් සහ සිවිල් නිලධාරීන් 50 කට ආසන්න පිරිසක් මෙම පරීක්ෂණවලට මුහුණ දී ඇත. සීබීඑස් (CBS) පුවත් සේවය සඳහන් කරන්නේ මීට අමතරව මධ්‍යම අණදෙන මණ්ඩලයේ (CENTCOM) නිලධාරීන් කිහිප දෙනෙක්ද ග්‍රීෂ්ම සෘතුවේ මුල් භාගයේදී මෙම පරීක්ෂණවලට භාජනය කර ඇති බවයි.
පසුගිය මාසයේදී එළියට පැමිණි වාර්තා මඟින් විශේෂයෙන්ම දුරදිග විහිදෙන මිසයිල සහ පැට්‍රියට් (Patriot) ප්‍රතිග්‍රාහක වැනි තීරණාත්මක යුද උපකරණ තොග අඩුවෙමින් පවතින බවට අනාවරණය වීමත් සමඟ, මෙම පරීක්ෂණ මාලාව ආරම්භ විය. තමන් සතුව දැවැන්ත අවි තොග පවතින බව පවසමින් රජය මෙම වාර්තා තරයේ ප්‍රතික්ෂේප කළද, ජාතික ආරක්ෂාවට හානි වන අයුරින් රහසිගත තොරතුරු මාධ්‍ය වෙත ලබා දුන්නේ කවුරුන්ජි යන්න සෙවීම සඳහා අධිකරණ දෙපාර්තමේන්තුව සහ එෆ්බීඅයි (FBI) ආයතනය ඒකාබද්ධව පුළුල් පරීක්ෂණ පවත්වමින් සිටියි.














