ඉරාන ප්‍රහාර සහ කලාපීය හමුදාමය උත්සන්න වීම් හමුවේ “උච්චතම පරීක්ෂාකාරීත්වයකින්” කටයුතු කරන ලෙස උපදෙස්
බහරේනයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කර ඇති බව Reuters සහ ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි
පර්සියානු ගල්ෆ් කලාපයේ සහ මැදපෙරදිග පුරා ඇමෙරිකානු හමුදා සහ ඉරාන බලවේග අතර හමුදාමය ගැටුම් උත්සන්න වීමත් සමග, බහරේනයේ පිහිටි එක්සත් ජනපද තානාපති කාර්යාලය විසින් අගෝස්තු 20 වනදා විශේෂ ආරක්ෂක අනතුරු ඇඟවීමක් නිකුත් කරමින් එහි වෙසෙන ඇමෙරිකානු පෞද්ගලික පුරවැසියන්ට “උච්චතම පරීක්ෂාකාරීත්වයකින්”කටයුතු කරන ලෙස දැනුම් දී තිබේ.
බහරේනයේ පිහිටි ඇමෙරිකානු නාවික හමුදාවේ 5 වන නාවික බලඇණි මුලස්ථානය සහ කලාපීය හමුදා ස්ථාන ඉලක්ක කර ඉරාන පාර්ශ්වයෙන් එල්ල විය හැකි නොසිතූ ප්‍රහාර සහ තර්ජන පිළිබඳව සැලකිලිමත් වෙමින් මෙම පියවර ගෙන ඇත. තමන් වටා සිදුවන චලනයන් පිළිබඳ අවධානයෙන් පසුවන ලෙසත්, ජනාකීර්ණ ස්ථානවලින් මිදී සිටින ලෙසත්, හදිසි අවස්ථාවකදී භාවිත කිරීමට සුදුසු ආරක්ෂිත සැලසුම් සූදානම් කර තබාගන්නා ලෙසත් තානාපති කාර්යාලය මගින් ඇමෙරිකානු වැසියන්ගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.














