ඩුබායි රාජ්‍යයේදී අත්අඩංගුවට පත් සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන “දෙහි බාලේ මල්ලි” නමැත්තාගේ ජාලයට සම්බන්ධ වැදගත් තොරතුරු අනාවරණය කරගනිමින් පොලිස් විශේෂ කාර්ය බළකාය (STF) විසින් සිදුකළ විශේෂ වැටලීමකදී අවි ආයුධ සහ මත්ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම වැටලීමේදී හෙරොයින් ග්‍රෑම් 1,214 ක් (කිලෝග්‍රෑම් 1 යි ග්‍රෑම් 214 ක්), රිපීටර් වර්ගයේ ගිනි අවියක්, T-56 ගිනි අවි සඳහා යොදාගන්නා ජීව උණ්ඩ 51 ක් සහ මිලිමීටර් 9 වර්ගයේ ජීව උණ්ඩ 47 ක් විශේෂ කාර්ය බළකා භාරයට ගෙන ඇත. රට තුළ ක්‍රියාත්මක වන සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාලයන් මැඩලීම සඳහා ආරක්ෂක අංශ විසින් අඛණ්ඩව දැඩි මෙහෙයුම් දියත් කරමින් පවතී.














