පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය හමුවේ මාලිම්බඩ ශ්රී ඉන්ද්රාරාම විහාරස්ථානයට පිවිසෙන මාර්ගය අසල තිබූ විශාල බෝ ගසක් සැප්තැම්බර් 24 වැනිදා අලුයම කඩා වැටී ඇති බව වාර්තා වනවා.
ගස කඩා වැටීම හේතුවෙන් එම මාර්ගයේ ජල සැපයුම් පද්ධතියට ද හානි සිදුව ඇති බව සඳහන් වනවා.
මේ අතර, ප්රදේශවාසීන් එක්ව තමන්ට ඉවත් කළ හැකි ගසේ අතු කපා ඉවත් කිරීමේ කටයුතුවල නිරතව සිටින බව වාර්තා වනවා.
















