ගල්කිස්ස පොලිස් වසමේ සොයිසාපුර මහල් නිවාස සංකීර්ණයේ නිවසක ඊයේ (23) සවස ඇති වූ හදිසි ගින්නකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.
ගින්නෙන් කාන්තාවක් සහ තවත් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇති අතර, එහිදී එක් පුද්ගලයෙකු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.
මරණකරු 84 හැවිරිදි සොයිසාපුර, මොරටුව ප්රදේශයේ පදිංචිකරුවෙක්. ගල්කිස්ස පොලිසිය, මොරටුව ගිනි නිවීමේ ඒකකයේ නිලධාරීන් සහ ප්රදේශවාසීන් එක්ව ගින්න මැඩපවත්වා තිබෙනවා.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිස්ස පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.
















