සෞදි අරාබියේදී මරණ දඬුවමට නියම වී සිටින අනෝජන් සිවරාසාගේ ජීවිතය බේරාගැනීමේ මෙහෙයුම ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා සහ ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම මහත්වරුන් විසින් ඊයේ (23) නිල වශයෙන් ආරම්භ කර තිබෙනවා.
මෙම රාජ්ය තාන්ත්රික මෙහෙයුම සඳහා රජයේ මුදල් වෙනුවට තම පෞද්ගලික ධනය වැය කිරීමට ඔවුන් තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ. අනෝජන් වෙනුවෙන් මැදිහත්වීම සඳහා ඔවුන් දෙදෙනා සෞදි අරාබියට යැවීමට රජය පෙරේදා (22) තීරණය කර තිබුණා.
මෙහෙයුමේ මූලික පියවරක් ලෙස නීතිඥවරුන් දෙදෙනා ඊයේ මාලදිවයිනේදී එරට හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ් හමුවී අදාළ ඉල්ලීම සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබෙනවා. අනෝජන්ගේ ප්රකාශය මුස්ලිම් සමාජයට බරපතළ වුවද, ඔහුගේ ජීවිතය වෙනුවෙන් මානුෂීයව පෙනී සිටින බවත්, හැකි පූර්ණ සහාය ලබාදෙන බවත් නෂීඩ් ප්රකාශ කර ඇති බව සඳහන්.
අද (24) පැවති හමුව සාර්ථක වූ බවත්, ඉදිරි දිනවලදී සෞදි අරාබිය බලා පිටත්ව යාමට සූදානම් බවත් ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම තහවුරු කර තිබෙනවා.
















