හුති සංවිධානය විසින් සෞදි අරාබියට එල්ල කරන ලද මෑතකාලීන ප්‍රහාර හේතුවෙන් සෞදි අරාබිය, තුර්කිය සහ පාකිස්තානය යන රටවල හමුදා ප්‍රධානීහු රියාද් නගරයේදී හදිසි සාකච්ඡාවක නිරත වී තිබේ. යේමන රජයේ හමුදා සමාජ මාධ්‍ය හරහා කියා සිටින්නේ තමන් ඉදිරි ප්‍රගතියක් අත්කර ගනිමින් සිටින බවයි.
මේ අතර, හෝර්මුස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීම සඳහා ඉරානය විසින් දින හතක මාර්ග සිතියමක් (roadmap) අමෙරිකාව වෙත ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ. තවද, ටෙහෙරාන් රජයට චීනය ලබා දෙන සහයෝගය අමෙරිකාව විසින් පිළිගත නොහැකි මට්ටමක පවතින බවත්, ඒ පිළිබඳව චීන ජනාධිපති ෂී ජින්පිං සමඟ සාකච්ඡා කළ බවත් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත.
















