රුසියාව විසින් එල්ල කරන ලද දැඩි ගුවන් ප්‍රහාර හේතුවෙන් යුක්රේනයේ විශාලතම වානේ නිෂ්පාදනාගාරය වන ArcelorMittal Kryvyi Rih ආයතනය සිය නිෂ්පාදන කටයුතු සම්පූර්ණයෙන්ම අත්හිටුවා තිබේ. මෑතකදී එල්ල වූ මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර හමුවේ සේවකයන් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්වීම සහ ආයතනයට දැඩි හානි සිදුවීම නිසා ආරක්ෂිතව සහ අඛණ්ඩව කටයුතු පවත්වාගෙන යා නොහැකි මට්ටමකට පත්ව ඇති බව එම සමාගම නිවේදනය කළේය. මෙම වසා දැමීමත් සමඟ සමාගම ඇමරිකානු ඩොලර් බිලියනයක පමණ පාඩුවක් අපේක්ෂා කරයි.
මේ අතර, යුක්රේන අගනුවර වන කියෙව් වෙත රුසියාව එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාර මාලාවකින් 14 හැවිරිදි පිරිමි ළමයකු ඇතුළු පුද්ගලයන් 7 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. තවත් 46 දෙනෙකු තුවාල ලබා ඇති අතර, රුසියානු ගුවන් ප්‍රහාර හේතුවෙන් එදිනෙදා සාමාන්‍ය ජනජීවිතයට සහ කාර්මික කටයුතුවලට දැඩි බාධා එල්ල වී ඇතැයි යුක්රේන ජනාධිපති පවසා ඇත. රුසියාව ප්‍රකාශ කර ඇත්තේ තමන් යුක්රේන ආරක්ෂක සහ සැපයුම් මධ්‍යස්ථාන ඉලක්ක කර පමණක් මෙම ප්‍රහාර එල්ල කරන බවයි.
















