උපකාරක පන්තියකට යමින් සිටි බාලවයස්කාර පාසල් දැරියකට බස් රථයක් තුළදී ලිංගික අපරාධයක් සිදුකළ බවට චෝදනා එල්ල වූ 20 හැවිරිදි කොන්දොස්තරවරයෙකු තිරප්පනේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ 1929 හදිසි ඇමතුම් අංශයට ලැබුණු පැමිණිල්ලක් අනුව සිදුකළ විමර්ශනයකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වේ. සැකකරු තම පියාට අයත් පෞද්ගලික බස් රථවල කොන්දොස්තරවරයෙකු ලෙස කටයුතු කර ඇති බවද පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇති බව වාර්තා වේ.
පොලිස් පැමිණිල්ලට අනුව, 2025 වසරේදී දැරිය වයස අවුරුදු 15යි මාස 09ක්ව සිටියදී මෙම සිදුවීම සිදුව ඇති බව සඳහන් වේ. සැකකරු විසින් දැරියට මත්ද්‍රව්‍යයක් මිශ්‍ර කළ බවට සැක කෙරෙන පානයක් ලබාදී ඇය සිහිමඳ තත්ත්වයට පත්වීමෙන් පසු අපරාධය සිදුකළ බවට චෝදනා එල්ල වී තිබේ. පසුවද ඇය සම්බන්ධයෙන් තවත් ලිංගික අපයෝජන සිදුවීම් සිදුව ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී ඇති බව වාර්තා වේ.
දැනට 17 හැවිරිදි වියේ පසුවන වින්දිත දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා අනුරාධපුර රෝහල වෙත යොමු කර ඇති අතර, ඇයගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ළමා ආරක්ෂණ ක්‍රමවේද යටතේ රඳවා ඇති බව සඳහන් වේ. සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවද වාර්තා වේ.
















