පවතින අධික වර්ෂාවත් සමඟ ගිං ගඟේ ජල මට්ටම ඉහළ යාමෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට ගංවතුර තත්ත්වයෙන් බලපෑම් එල්ල වී තිබේ.
බද්දේගම, නාගොඩ, හිනිදුම සහ මාපලගම ඇතුළු ප්‍රදේශවල මාර්ග රැසක් ජලයෙන් යටවී ඇති අතර, ඇතැම් මාර්ගවල රථවාහන ගමනාගමනයටද බාධා එල්ල වී තිබේ.
ගිං ගඟ ද්‍රෝණියේ ජල මට්ටම් ඉහළ යාම හේතුවෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් ගංවතුර අනතුරු ඇඟවීම් නිකුත් කර තිබූ අතර, තවලම, නාගොඩ, බද්දේගම සහ වැලිවිටිය-දිවිතුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පහත් බිම් ප්‍රදේශ පිළිබඳ විශේෂ අවධානය යොමු කර තිබුණි.
ඒ අනුව ගංවතුර තත්ත්වයට ලක්විය හැකි ප්‍රදේශවල ජනතාව අවධානයෙන් කටයුතු කරන ලෙසත්, එම ප්‍රදේශ හරහා ගමන් කරන රියදුරන්ට විමසිලිමත්ව කටයුතු කරන ලෙසත් බලධාරීන් දැනුම්දී තිබේ.
















