කද්දුව හන්දිය ආසන්නයේ විශාල ගසක් කඩා වැටීම හේතුවෙන් කද්දුව–මාතර ප්රධාන මාර්ගයේ ගමනාගමනය සම්පූර්ණයෙන්ම අවහිර වී තිබේ. ගස කඩා වැටීම හේතුවෙන් මාර්ගය හරහා ගමන් කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගතව තිබේ.
ගස කඩා වැටීම හේතුවෙන් මාර්ගයේ දෙපසින් පැමිණි වාහනවල ගමනාගමනයට බාධා එල්ල වී ඇති අතර, එම ස්ථානයේ වාහන තදබදයක්ද හටගෙන තිබේ.
මාර්ගය යථා තත්ත්වයට පත් කිරීම සඳහා අදාළ අංශ කටයුතු කරමින් සිටින අතර, රියදුරන්ට විකල්ප මාර්ග භාවිත කරන ලෙස දැනුම් දී තිබේ.
















