අයහපත් කාලගුණික තත්ත්වයක් පවතින දිස්ත්‍රික්කවල හෙට (21) දිනයේ පාසල් පැවැත්වීම සම්බන්ධයෙන් තීරණය කිරීමේ බලය දිස්ත්‍රික් අධ්‍යාපන අධ්යක්ෂවරුන් වෙත ලබාදී තිබේ.
අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කලුවැව මහතා සඳහන් කර ඇත්තේ, මේ සම්බන්ධයෙන් අදාළ බලධාරීන් වෙත දැනුම්දී ඇති බවයි.
ඒ අනුව අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පාසල් පවත්වාගෙන යාමට ඇති හැකියාව සලකා බලා, අදාළ දිස්ත්‍රික්කවල පාසල් පැවැත්වීම හෝ නොපැවැත්වීම සම්බන්ධයෙන් දිස්ත්‍රික් අධ්‍යාපන අධ්යක්ෂවරුන් විසින් තීරණය කිරීමට නියමිතය.
















