යාපනය, නල්ලූර් ප්‍රදේශයේ ස්ථාපිත කර තිබූ තිලීපන්ගේ ලෝකඩ පිළිරුව පොලිසිය විසින් එම ස්ථානයෙන් ඉවත් කර රැගෙන ගිය බවට චෝදනාවක් එල්ල වී තිබේ.
දෙමළ ජාතික ජනතා පෙරමුණේ ලේකම් සෙල්වරාජා ගජේන්ද්‍රන් මහතා සඳහන් කර ඇත්තේ, පූර්ව දැනුම්දීමකින් තොරව පොලිස් නිලධාරීන් පිරිසක් පැමිණ පිළිරුව ඉවත් කළ බවයි. එම චෝදනාව සම්බන්ධයෙන් පොලිසියේ නිල ප්‍රකාශයක් මේ වනවිට තහවුරු කරගත නොහැකි වී තිබේ.
තිලීපන්ගේ 39 වැනි ගුණසමරු වැඩසටහන් සැප්තැම්බර් 15 සිට නල්ලූර් ප්‍රදේශයේ පැවැත්වුණු අතර, සැප්තැම්බර් 26 වැනිදා ඔහුගේ මරණයේ 39 වැනි සංවත්සරය සනිටුහන් කරමින් සැමරුම් පැවැත්විණි. නව ලෝකඩ පිළිරුවක්ද මෙම සැමරුම් ආරම්භයේදී නල්ලූර්හි ස්ථාපිත කර තිබූ බව වාර්තා වේ.
මීට පෙර සැප්තැම්බර් 18 වැනිදා නල්ලූර්හි සැමරුම් ස්ථානයක භාවිත කළ ශබ්ද විකාශන උපකරණ පොලිසිය විසින් ඉවත් කර තිබූ අතර, ඒ සඳහා අවසර ලබාගෙන නොතිබීම හේතුව ලෙස සඳහන් කර තිබුණි.
















