ටූනා මාළු, ඉස්සන් සහ කකුළුවන් ඇතුළු උසස් තත්ත්වයේ මුහුදු ආහාර රුසියානු වෙළඳපොළට වැඩි වශයෙන් අපනයනය කිරීමට ශ්‍රී ලංකාව බලාපොරොත්තු වන බව ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ මෙරට රුසියානු තානාපති ලෙවන් එස්. ෂගරියන් මහතා ධීවර අමාත්‍යාංශයේදී හමු වූ අවස්ථාවේදීය.
මෙහිදී දෙරට අතර ධීවර හා වෙළඳ සබඳතා තවත් වර්ධනය කර ගැනීම පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡා කර තිබේ. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ ගැඹුරු මුහුදේ ධීවර කර්මාන්තය නවීකරණය කිරීමට අවශ්‍ය රුසියානු තාක්ෂණය, නවීන යාත්‍රා සහ ආයෝජන ලබා ගැනීම සම්බන්ධයෙන් ද දෙපාර්ශ්වයේ අවධානය යොමුව ඇත. ධීවර වරායන් දියුණු කිරීම සහ සීතාගාර පහසුකම් පුළුල් කිරීම හරහා මුහුදු ආහාරවල ගුණාත්මකභාවය ආරක්ෂා කර ගැනීමට නියමිතයි.
















