ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සිරගත කර, පක්ෂයේ වැඩපිළිවෙළ කඩාකප්පල් කිරීමට ආණ්ඩුව උත්සාහ කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක පවසයි. මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, වත්මන් රජයට දැඩි අභියෝගයක් වී ඇති සහ 2029 වසරේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පරාජය කිරීමට නියමිත නාමල් රාජපක්ෂ මෙලෙස අඩපණ කිරීමට ආණ්ඩුව සිතන්නේ නම් ඊට කිසිසේත් ඉඩ ලබා නොදෙන බවයි.
රටේ ජනතාව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට මෙන්ම නාමල් රාජපක්ෂට ද දැඩි ලෙස ආදරය කරන බවත්, වත්මන් රජය විසින් ගෙන යන මර්දනකාරී දේශපාලනය ජනතාව හොඳින් දන්නා බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය. එබැවින් මෙම අසාධාරණ උත්සාහයන්ට එරෙහිව ජනතාව මේ වන විටත් එක්වෙමින් සිටින බව ඩී.වී. චානක වැඩිදුරටත් කියා සිටියේය.
















