මහරගම නගර මධ්‍යයේ පසුගියදා විවෘත කළ බව කියන ‘බිංචූන්’ ආයතනය සම්බන්ධයෙන් අනවසර ඉදිකිරීම් සහ මහජනතාවට පීඩාකාරී තත්ත්වයක් ඇතිකරන බවට චෝදනා එල්ල වී තිබේ.
එම පැමිණිල්ලට අනුව, මහරගම නගරයේ ප්‍රධාන ජලාපවහන කාණු පද්ධතිය අවහිර වන ආකාරයෙන් සිමෙන්ති යොදා ටයිල් අතුරා ඉදිකිරීම් සිදුකර ඇති බව සඳහන් වේ.
මේ සම්බන්ධයෙන් පසුගිය දිනක මහරගම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ අදාළ බලධාරීන් විසින් ස්ථානීය පරීක්ෂාවක් සිදුකර නීතිමය පියවර ගැනීමට කටයුතු කර ඇති බව පැමිණිල්ලේ සඳහන්ය.
එම ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් මහරගම PHI නිලධාරීන් සහ බලධාරීන්ට ස්තූතිය පළ කරමින් නයෝමි වෙලගෙදර මහත්මිය විසින් මෙම කරුණු සමාජ මාධ්‍ය ඔස්සේ පළ කර තිබේ.
අදාළ ඉදිකිරීම්වල නීත්‍යානුකූලභාවය සහ මහජන ජලාපවහන පද්ධතියට සිදුවී ඇති බලපෑම සම්බන්ධයෙන් බලධාරීන්ගේ වැඩිදුර පරීක්ෂණවලින් කරුණු තහවුරු වනු ඇත.
















