මානුෂීය ආධාර පිළිබඳ විශේෂ වැඩසටහනක් ලබන 10 වනදා ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.
ඒ සම්බන්ධයෙන් සාකච්ඡාවක් දකුණු කොරියාවේ සෝල් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේදී පවත්වා තිබේ.
දකුණු කොරියාවේ ශ්‍රී ලංකා තානාපති එම්.කේ. පද්මනාදන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාවට කොරියා–ශ්‍රී ලංකා සහයෝගීතා සංවිධානයේ සභාපති ජොං ජො හෝ මහතා ඇතුළු එම සංවිධානයේ සාමාජිකයින් පිරිසක්ද එක්ව සිටියහ.
මෙහිදී ශ්‍රී ලංකාවේ මානුෂීය සේවා කටයුතු මෙන්ම ඉදිරියේදී කොරියාව සහ ශ්‍රී ලංකාව අතර පවත්වාගෙන යා යුතු සහයෝගීතා වැඩසටහන් සම්බන්ධයෙන්ද සාකච්ඡා කර තිබේ.
අවසානයේ මහා සංඝරත්නය විසින් පිරිත් සජ්ඣායනා කර පිරිසට ආශිර්වාද පළ කළ බව සඳහන් වේ.
















