ජනාධිපතිවරයාගේ මතය රටේ නීතිය නොවිය යුතු බවට ජනාධිපතිවරයා විසින් ප්‍රකාශ කරන්නේ නම්, සැබෑ විපක්ෂයක කාර්යභාරය විය යුත්තේ එය අගය කිරීම බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ පවසයි. මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.
වර්තමානයේ සැබෑ විපක්ෂයක් පෙනෙන්නට නොමැති බවත්, සැබෑ විපක්ෂයක් වීමට නම් එක්සත් ජාතික පක්ෂය හා සමගි ජන බලවේගය එක්විය යුතු වුවද එවැනි ලකුණු නොපෙනෙන බවත් ඔහු කියා සිටියේය. අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගෙන් එහාට වත්මන් ආණ්ඩුව වෙනස් වන්නේ නම් ඊට වඩා හොඳ කණ්ඩායමකට බලය මාරු විය යුතු බවත්, ඒ සඳහා ශක්තිමත් විපක්ෂයක් නිර්මාණය විය යුතු බවත් හිටපු මන්ත්‍රීවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.













