රටට විශිෂ්ට සේවයක් ඉටු කළ පුද්ගලයන් සඳහා වන කොරියානු ස්වේච්ඡා සංගමයේ සභාපති Deokuju Jung ඇතුළු විශේෂ නියෝජිත පිරිසක් අද (12) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා හමුවූහ.
මෙහිදී ශ්‍රී ලංකාව තුළ ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත සුබසාධන වැඩසටහන් සහ ඒ සඳහා රජයෙන් ලැබෙන සහාය පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇති අතර, විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ විශේෂ අවශ්‍යතා සහිත දරුවන් වෙනුවෙන් රජය සමඟ එක්ව පුළුල් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම කෙරෙහි මෙහිදී විශේෂ අවධානය යොමු වී ඇත. නාමල් උයන ආරණ්‍ය සේනාසනාධිපති වනවාසී රාහුල හිමියන් ඇතුළු දෙපාර්ශ්වයේ නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.













