ශ්රී ලංකාව හා අමෙරිකා එක්සත් ජනපදයේ මොන්ටානා ප්රාන්තය අතර ආර්ථික සහයෝගිතාව ශක්තිමත් කිරීම, ආයෝජන අවස්ථා පුළුල් කිරීම සහ දෙපාර්ශ්වයටම ප්රතිලාභ හිමි වන ව්යාපාරික සබඳතා ගොඩනැඟීම අරමුණු කරගත් විශේෂ ද්විපාර්ශ්වික සාකච්ඡාවක් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්යාංශයේදී සාර්ථකව පැවැත්විණි.
ශ්රී ලංකාවේ කර්මාන්ත හා ව්යවසායකත්ව සංවර්ධන නියෝජ්ය අමාත්ය චතුරංග අබේසිංහ මහතා සහ මොන්ටානා ප්රාන්තයේ ආණ්ඩුකාර ග්රෙග් ජියන්ෆෝර්ට් (Greg Gianforte) මහතා අතර මෙම හමුව සිදුවිය. මෙහිදී කෘෂිකාර්මික නිෂ්පාදන සඳහා වෙළෙඳපොළ අවස්ථා පුළුල් කරගැනීම, නිෂ්පාදන ගබඩා කිරීමේ පහසුකම් සංවර්ධනය කිරීම, නව තාක්ෂණය හුවමාරු කරගැනීම, ඛනිජ සම්පත් ආශ්රිත කර්මාන්ත සහ තොරතුරු තාක්ෂණ ක්ෂේත්රයන්හි පවතින විභවයන් ප්රයෝජනයට ගැනීම පිළිබඳව දීර්ඝ වශයෙන් අවධානය යොමු විය. ශ්රී ලංකාවේ අමෙරිකානු තානාපති එරික් එස්. මේයර් මහතා ඇතුළු දෙරටේ නිලධාරීන් පිරිසක් මීට එක්ව සිටියහ.













