• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

හොරණ දොන් පේද්‍රික් සිසුන්ගෙන් ගුරු දිනයට වෙනස්ම උපහාරයක්!

පේ වී ගුරුවරුන්ට සෙත් පිරිත් සජ්ඣායනා කරයි!

13 October 2026
in දේශීය, පුවත්
හොරණ දොන් පේද්‍රික් සිසුන්ගෙන් ගුරු දිනයට වෙනස්ම උපහාරයක්!
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ජාත්‍යන්තර ගුරු දිනයට සමගාමීව සාම්ප්‍රදායික උත්සව රටාවෙන් ඔබ්බට යමින් ගුරු-සිසු සබඳතාවයේ අතිශය උතුම් හා ආධ්‍යාත්මික පදනම තහවුරු කෙරෙන වෙනස්ම අයුරේ උපහාර වැඩසටහනක් සංවිධානය කිරීමට හොරණ දොන් පේද්‍රික් මහා විද්‍යාලය කටයුතු කර තිබේ. විදුහල්පති සුසන්ත ජයනාල් පෙරේරා මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක වූ මෙම වැඩසටහනේදී, පාසලේ 7 ශ්‍රේණියේ සිට උසස් පෙළ දක්වා ඉගෙනුම ලබන සිසුන් 24 දෙනෙකුගෙන් සමන්විත ගිහි ශිෂ්‍ය පිරිත් කණ්ඩායමක් විසින් සියලුම ගුරු භවතුන් උදෙසා සෙත් පිරිත් සජ්ඣායනා කරමින් ආශීර්වාද පිරිනැමීම කැපී පෙනෙන සිදුවීමක් විය.
දෙමාපියන් සහ ප්‍රවීණ පිරිත් දේශකයන් වන බන්දුල පී. බැද්දගේ සහ සංජීව කවීෂ්වර යන මහත්වරුන්ගේ උපදෙස් මත සති කිහිපයක් පුරා පිරිත් සූත්‍ර උච්චාරණය හා අදාළ වත්පිළිවෙත් පිළිබඳ විශේෂ පුහුණුවක් ලැබූ මෙම සිසු පිරිස, සතියක් පුරා මස් මාංසවලින් වැළකී පේවීමෙන් අනතුරුව මෙම පුණ්‍යකර්මයට එක්ව සිටියහ. පාසල් පරිශ්‍රයේ විශේෂයෙන් නිර්මාණය කරන ලද පිරිත් මණ්ඩපයකදී මහා මංගල, රතන, කරණීය මෙත්ත සහ මෝර පිරිත් සජ්ඣායනා කිරීමෙන් අනතුරුව, පෙහෙවස් සමාදන් වූ සිසුන් විසින්ම ගුරුවරුන්ට පිරිත් පැන් ලබා දී පිරිත් නූල් බැඳීම සිදු කළ අතර, පසුව එම දරුවන් වෙනුවෙන් හීල් දානය සහ පිරිකර පූජා කිරීමටද විද්‍යාලීය බෞද්ධ සංගමය ඇතුළු ගුරු මණ්ඩලය කටයුතු යොදා තිබිණි.
ගුරු, සිසු සහ දෙමාපිය යන පාර්ශවයන්හි පූර්ණ දායකත්වයෙන් සාර්ථක වූ මෙම අදර්ශමත් මංගල්‍යය ඉදිරියේදීත් සෑම ගුරු උපහාර උළෙලකදීම පැවැත්වීමට විද්‍යාලීය පාලනාධිකාරිය තීරණය කර ඇති අතර, කලාපයේ අනෙකුත් පාසල්වල ආගමික වැඩසටහන් සඳහාද මෙම පුහුණු ලත් ගිහි ශිෂ්‍ය පිරිත් කණ්ඩායමේ දායකත්වය ලබාදීමට සැලසුම් කර ඇත. නූතන අධ්‍යාපන පද්ධතිය තුළ සංස්කෘතික හා ආගමික වටිනාකම් පෙරදැරි කරගත් මෙවැනි ගුණාත්මක සංකල්ප, සිසුන් තුළ ආකල්පමය වෙනසක් ඇති කිරීමට මෙන්ම ගුරු-සිසු සබඳතාවයේ ශක්තිමත්භාවය තහවුරු කිරීමටද මහෝපකාරී වනු ඇත.
Post Views: 2
Previous Post

කොල්ලුපිටියේ සුපිරි හෝටලයක කොකේන් ජාවාරම මාට්ටු

Next Post

ESOFT වෙතින් විප්ලවීය පියවරක්…

Editor TTV News

Editor TTV News

Next Post
ESOFT වෙතින් විප්ලවීය පියවරක්…

ESOFT වෙතින් විප්ලවීය පියවරක්...

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
බ්‍රසීලයේ තියුණු ජනාධිපතිවරණ දෙවන වටය අද…

බ්‍රසීලයේ තියුණු ජනාධිපතිවරණ දෙවන වටය අද…

25 October 2026
කිසිදු ධුරයක් මෙතරම් පහත් තත්ත්වයකට වැටීමට වටින්නේ නැහැ!

කිසිදු ධුරයක් මෙතරම් පහත් තත්ත්වයකට වැටීමට වටින්නේ නැහැ!

25 October 2026
අල්ලස, දූෂණය සහ මත්ද්‍රව්‍යවලට තිත! සුරක්ෂිත රටක් හැදීමේ වගකීම රජය ඉටුකරනවා…

අල්ලස, දූෂණය සහ මත්ද්‍රව්‍යවලට තිත! සුරක්ෂිත රටක් හැදීමේ වගකීම රජය ඉටුකරනවා…

25 October 2026
අධ්‍යාපන පරිවර්තනයට 2027දී දැවැන්ත ආයෝජනයක්…

අධ්‍යාපන පරිවර්තනයට 2027දී දැවැන්ත ආයෝජනයක්…

25 October 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

බ්‍රසීලයේ තියුණු ජනාධිපතිවරණ දෙවන වටය අද…

බ්‍රසීලයේ තියුණු ජනාධිපතිවරණ දෙවන වටය අද…

25 October 2026
කිසිදු ධුරයක් මෙතරම් පහත් තත්ත්වයකට වැටීමට වටින්නේ නැහැ!

කිසිදු ධුරයක් මෙතරම් පහත් තත්ත්වයකට වැටීමට වටින්නේ නැහැ!

25 October 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved