සියඹලන්ගමුව ප්රදේශයේදී වෙඩි වැදීමෙන් තුවාල ලබා සිටින දළ ඇතාට පණ්ඩුලගම, ලුණුගම්වෙහෙර, රංදෙණිගල සහ නිකවැරටිය යන වනජීවී පශු වෛද්යවරුන්ගේ අධීක්ෂණය යටතේ තඹුත්තේගම ප්රදේශයේදී ඊයේ දිනත් ප්රතිකාර සිදු කර තිබේ.
මෙහිදී ඇතාගේ මීට පෙර පැවති තුවාලය සුව වීම නිරීක්ෂණය කර ඇති අතර, ඇතා යම් අජීර්ණ තත්ත්වයකින් පසුවන බව පශු වෛද්යවරුන්ට අනාවරණය වී ඇත. ඒ සඳහා අවශ්ය වෛද්ය ප්රතිකාර අඛණ්ඩව ලබා දීමට වනජීවී නිලධාරීන් පියවර ගෙන තිබේ.














