ශ්රී ලංකාවේ දිනකට කසළ ටොන් 9,000කට ආසන්න ප්රමාණයක් ජනනය වුවද, ඉන් විධිමත් ලෙස එකතු කරනු ලබන්නේ අඩක් පමණක් බව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) අනාවරණය කර තිබේ.
ඒ අනුව, දිනකට ජනනය වන කසළවලින් ටොන් 4,500කට ආසන්න ප්රමාණයක් විධිමත් කසළ එකතු කිරීමේ ක්රියාවලියට ඇතුළත් නොවන බව එම දත්ත පෙන්වා දෙයි.
එමෙන්ම, ශ්රී ලංකාවේ වසරකට ප්ලාස්ටික් අපද්රව්ය ටොන් 250,000කට වැඩි ප්රමාණයක් ජනනය වන බවද UNDP සඳහන් කර ඇත.
බැහැර කෙරෙන කසළවලින් සියයට 63ක් පමණ විවෘත ස්ථානවලට මුදාහරින බවත්, ප්ලාස්ටික් අපද්රව්යවලින් බොහොමයක් නිසි ප්රතිචක්රීකරණයකට ලක් නොවී අවිධිමත් ලෙස පරිසරයට එක්වන බවත් එම වාර්තාවෙන් පෙන්වා දී තිබේ.
මෙම තත්ත්වය විධිමත් කසළ කළමනාකරණය, ප්රතිචක්රීකරණය සහ පරිසර ආරක්ෂාව සම්බන්ධයෙන් ශ්රී ලංකාව මුහුණ දෙන අභියෝගය තවදුරටත් ඉස්මතු කරයි.














