2026 ඔක්තෝබර් 12 වැනිදා සවස අම්බලන්ගොඩ පොලිස් වසමේ කුළීගොඩ ප්රදේශයේ නිවසක් පරීක්ෂා කිරීමේදී අයිස් මත්ද්රව්ය කිලෝග්රෑම් 2යි ග්රෑම් 140ක් සහ කුෂ් මත්ද්රව්ය ග්රෑම් 510ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඇල්පිටිය කොට්ඨාස දූෂණ මර්දන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් වෙත ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇත.
එහිදී මත්ද්රව්ය කිරා බැලීමට යොදාගත් තරාදියක්ද පොලිස් භාරයට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 32ක් වන කුළීගොඩ ප්රදේශයේ පදිංචිකරුවෙකි. සැකකරු අම්බලන්ගොඩ පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන අම්බලන්ගොඩ පොලිසිය විසින් සිදුකරනු ලබයි.














