2026 ඔක්තෝබර් 12 වැනිදා සවස මුණුගම පොලිස් වසමේ පුබුදුගම ප්රදේශයේදී නීතිවිරෝධී මත්පැන් පෙරීමට යොදාගන්නා ගෝඩා ලීටර් 2,079ක් (බැරල් 11ක්) සහ තඹ දඟර දෙකක් පොලිස් භාරයට ගෙන තිබේ.
මුණුගම පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් වෙත ලැබුණු තොරතුරක් මත සිදුකළ වැටලීමකදී මෙම උපකරණ සහ ගෝඩා තොගය සොයාගෙන ඇත.
වැටලීම සිදුකරන අවස්ථාවේදී සැකකරු ප්රදේශයෙන් පලාගොස් ඇති අතර, ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා මුණුගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.














