2026 ඔක්තෝබර් 12 වැනිදා උදෑසන අඩම්පන් පොලිස් වසමේ මන්නාරම–යාපනය මාර්ගයේ පල්ලමඩු ප්රදේශයේදී ලංගම බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරළීමෙන් අනතුරක් සිදුව තිබේ.
මන්නාරම දෙසට ධාවනය වූ බස් රථය රියදුරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන පෙරළී ඇති බව සඳහන් වේ.
අනතුරින් තුවාල ලැබූ කාන්තාවන් තිදෙනෙකු සහ එක් පුද්ගලයෙකු මන්නාරම රෝහලට ඇතුළත් කර තිබේ. ප්රතිකාර ලබමින් සිටියදී පිරිමි පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව ඇත.
මියගොස් ඇත්තේ වයස අවුරුදු 49ක් වූ පල්පවරායන්කඩ්ඩු ප්රදේශයේ පදිංචිකරුවෙකි.
අනතුරට සම්බන්ධ බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් අඩම්පන් පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.














