දිට්වා ආපදා තත්ත්වය හේතුවෙන් පූර්ණ නිවාස හානිවලට ලක් වූ සහ අධි අවදානම් තත්ත්වයන් හේතුවෙන් නිවාස අහිමි වූ පවුල් සඳහා නව නිවාස ඉදිකිරීමේ වැඩසටහන යටතේ බදුල්ල දිස්ත්රික්කයේ මීගහකිවුල ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ නිවාස 72ක් ඉදිකිරීම ආරම්භ කර තිබේ.
වැවිලි සහ ප්රජා යටිතල පහසුකම් අමාත්ය සමන්ත විද්යාරත්න මහතාගේ සහභාගිත්වයෙන්, ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ ස්ථාන පහකදී මෙම නිවාස ඉදිකිරීම සඳහා මුල්ගල් තැබීම සිදුකර ඇත.
“වඩා යහපත් ලෙස ගොඩනගමු” යන ජාතික වැඩපිළිවෙළ යටතේ ක්රියාත්මක මෙම ව්යාපෘතිය සඳහා එක් නිවසකට රජයෙන් රුපියල් ලක්ෂ 50ක ප්රතිපාදන වෙන් කර තිබේ. නිවාස ඉදිකිරීමට අවශ්ය ඉඩම් ලබාදීමටද රජය කටයුතු කරයි.
මීගහකිවුල ප්රදේශයේ ආපදාවෙන් පූර්ණ නිවාස හානිවලට ලක් වූ හෝ අධි අවදානම් තත්ත්වයන් හේතුවෙන් නිවාස අහිමි වූ පුද්ගලයන් 179 දෙනෙකු හඳුනාගෙන තිබේ. ඉන් එම කොට්ඨාසය තුළම නැවත නිවාස ඉදිකිරීමට අපේක්ෂා කරන ප්රතිලාභීන් 156 දෙනෙකු අතරින් රජයේ ඉඩම් ඉල්ලා සිටි 109 දෙනෙකු හඳුනාගෙන ඇති අතර, පවුල් 72ක් වෙනුවෙන් මෙලෙස ඉදිකිරීම් ආරම්භ කර ඇත.
මේ අතර, වැඩසටහන යටතේ පළමු වාරිකය ලබාගත් ප්රතිලාභීන් 103 දෙනෙකු දැනටමත් සිය නිවාස ඉදිකිරීම් ආරම්භ කර තිබේ. මෙම අවස්ථාවන් සඳහා බදුල්ල දිස්ත්රික් ලේකම් සුනිල් ගලගම මහතා ඇතුළු රාජ්ය නිලධාරීන්, ප්රාදේශීය දේශපාලන නියෝජිතයන් සහ ප්රදේශවාසීන් පිරිසක් එක්ව සිටියහ.














