ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සිරගත කර සිවුර ඉවත් කර සිවිල් ඇඳුම් ඇන්දවීමට එරෙහිව පොළොන්නරුවේ භික්ෂූන් වහන්සේලා පිරිසක් විරෝධතාවක් ආරම්භ කර තිබේ.
ඒ අනුව, කදුරුවෙල ජයන්ති විහාරස්ථානයේ සිට පොළොන්නරුව දක්වා විරෝධතා පාගමනක් ආරම්භ කර ඇත.
කදුරුවෙල නගරයට පැමිණි අවස්ථාවේදී දිඹුලාගල ප්රදේශයේ භික්ෂූන් වහන්සේලා පිරිසක්ද එම විරෝධතා පාගමනට එක්ව තිබේ.














