කොකේන් මත්ද්රව්ය සමඟ අත්අඩංගුවට ගත් ජැමෙයිකානු ජාතිකයන් සිව්දෙනෙකු රඳවාගෙන ප්රශ්න කිරීමට කොළඹ කොටුව මහේස්ත්රාත් අධිකරණය නියෝග කර තිබේ.
ඊයේ (12) කොල්ලුපිටිය ප්රදේශයේදී සිදුකළ වැටලීමකදී කොළඹ දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
හෝටලයක් සහ සුපිරි වෙළෙඳසැල් සංකීර්ණයක් ආශ්රිතව සිදුකළ මෙහෙයුමකදී අත්අඩංගුවට ගත් පිරිසට වයස අවුරුදු 23 සහ 48 යන වයස්වල පසුවන පිරිමි පුද්ගලයන් දෙදෙනෙකු සහ වයස අවුරුදු 43 සහ 52 යන වයස්වල පසුවන කාන්තාවන් දෙදෙනෙකු ඇතුළත් වේ.
අද (13) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, සැකකරුවන් ඔක්තෝබර් 19 වැනිදා දක්වා රඳවාගෙන ප්රශ්න කිරීමට මහේස්ත්රාත්වරයා අවසර ලබාදී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
















