රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්රී චාමර සම්පත් දසනායක මහතා, කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා රඳවා සිටින වාට්ටුවේ රඳවා ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් පැය හතරක පමණ කාලයක් ප්රකාශයක් ලබාගැනීමෙන් අනතුරුව චාමර සම්පත් දසනායක මන්ත්රීවරයා අත්අඩංගුවට ගෙන තිබුණේ ඔක්තෝබර් 12 වැනිදාය.
අනතුරුව කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කළ ඔහු, ඔක්තෝබර් 23 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර තිබේ.
















