නීතිවිරෝධී මත්පැන් ලීටර් 135ක් සමඟ සැකකරුවෙකු වලාන මධ්යම දූෂණ මර්දන ප්රහාරක ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
2026 ඔක්තෝබර් 13 වැනිදා උදෑසන කිරිබත්ගොඩ පොලිස් වසමේ කැලණිය ප්රදේශයේදී ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.
එහිදී නීතිවිරෝධී මත්පැන් බෝතල් 180ක් අඩංගු ලීටර් 135ක තොගයක් සොයාගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 56ක් වන කැලණිය ප්රදේශයේ පදිංචිකරුවෙකි. ඔහු වැඩිදුර විමර්ශන සඳහා කිරිබත්ගොඩ පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කිරිබත්ගොඩ පොලිසිය විසින් සිදුකරනු ලබයි.
















