නීතිවිරෝධී මත්පැන් සහ මත්පැන් නිෂ්පාදනයට යොදාගන්නා ගෝඩා තොගයක් සමඟ සැකකරුවෙකු දංකොටුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
2026 ඔක්තෝබර් 13 වැනිදා සවස දංකොටුව පොලිස් වසමේ බෝලවත්ත ප්රදේශයේදී ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.
එහිදී නීතිවිරෝධී මත්පැන් ලීටර් 37.5ක් (බෝතල් 50ක්) සහ මත්පැන් නිෂ්පාදනයට යොදාගන්නා ගෝඩා ලීටර් 1,900ක් (බැරල් 5ක්) සොයාගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 46ක් වන වයික්කාල ප්රදේශයේ පදිංචිකරුවෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන දංකොටුව පොලිසිය විසින් සිදුකරනු ලබයි.
















