2026 ඔක්තෝබර් 13 වැනිදා සවස වැල්ලම්පිටිය පොලිස් වසමේ කොළඹ – අවිස්සාවේල්ල මාර්ගයේ කොටිකාවත්ත ප්රදේශයේදී යතුරුපැදියක ගැටීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
කොළඹ දෙසට ධාවනය වූ යතුරුපැදිය මාර්ගය හරහා ගමන් කළ කාන්තාවකගේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.
අනතුරින් තුවාල ලැබූ කාන්තාව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ. මියගිය කාන්තාව වයස අවුරුදු 80ක් වූ අංගොඩ ප්රදේශයේ පදිංචිකාරියකි.
සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලම්පිටිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
















