අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් විසින් CNN, MS NOW සහ Politico මාධ්ය ආයතනවල මාධ්යවේදීන්ට ධවල මන්දිරයට ඇතුළුවීම සීමා කිරීමට ගත් ක්රියාමාර්ගයට එරෙහිව ලබාදුන් අධිකරණ නියෝගය ෆෙඩරල් විනිසුරුවරයෙකු විසින් දීර්ඝ කර තිබේ.
අමෙරිකානු දිස්ත්රික් විනිසුරු තිමති කෙලී ලබාදුන් මෙම නියෝගය, අදාළ මාධ්ය ආයතන විසින් ගොනුකර ඇති නඩුව සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ලබාදෙන තෙක් බලාත්මක වනු ඇති බව විදෙස් මාධ්ය වාර්තා කරයි. කෙසේ වෙතත්, අභියාචනාධිකරණයකට මෙම නියෝගය අත්හිටුවීමේ හැකියාව පවතී.
පසුගිය සැප්තැම්බර් 24 වැනිදා ලබාදුන් හදිසි නියෝගයකින් ද අදාළ මාධ්යවේදීන්ට ධවල මන්දිරයට ප්රවේශය යළි ලබාදීමට විනිසුරුවරයා නියෝග කර තිබුණි. එම ක්රියාමාර්ගය මාධ්යවේදීන්ගේ ව්යවස්ථාපිත අයිතිවාසිකම් උල්ලංඝනය කර තිබිය හැකි බවට විනිසුරුවරයා එහිදී පෙන්වා දී තිබේ.
ට්රම්ප් සැප්තැම්බර් මාසයේදී සිය සමාජ මාධ්ය ගිණුම ඔස්සේ අදාළ මාධ්ය ආයතනවලට එරෙහිව ප්රවේශ තහනම ප්රකාශයට පත්කර තිබුණි. තමන් සම්බන්ධයෙන් අසත්ය තොරතුරු වාර්තා කරන මාධ්ය ආයතනවලට එවැනි ප්රවේශයක් හිමි නොවිය යුතු බව ඔහු එහිදී ප්රකාශ කර තිබේ.
කෙසේ වෙතත්, අදාළ මාධ්ය ආයතන සහ මාධ්ය නිදහස වෙනුවෙන් පෙනී සිටින සංවිධාන පවසන්නේ, තමන්ට අකමැති වාර්තා පළ කිරීම හේතුවෙන් මාධ්යවේදීන්ට එරෙහිව පළිගැනීමේ අරමුණින් මෙම තහනම පනවා ඇති බවයි.
එම මාධ්ය ආයතන අධිකරණයට ගොනුකළ නඩුවෙන් තර්ක කර ඇත්තේ, මෙම තහනම අමෙරිකානු ආණ්ඩුක්රම ව්යවස්ථාවේ පළමු සංශෝධනයෙන් සහතික කර ඇති අදහස් ප්රකාශ කිරීමේ නිදහස හා මාධ්ය නිදහස උල්ලංඝනය කරන බවයි. සාධාරණ ක්රියාපටිපාටියක් අනුගමනය කිරීමේ අයිතිය ද උල්ලංඝනය වන බවට ඔවුහු චෝදනා කරති.
ට්රම්ප් පළමු ජනාධිපති ධුර කාලයේදී පත්කරන ලද විනිසුරු තිමති කෙලී, මාධ්යවේදීන්ගේ ප්රවේශය සීමා කිරීම සාධාරණීකරණය කිරීමට අමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව ඉදිරිපත් කළ ජාතික ආරක්ෂාව සම්බන්ධ තර්ක පිළිබඳව ද සැක පළ කර ඇති බව වාර්තා වේ. එයට ප්රතිචාර වශයෙන්, රහසිගත තොරතුරු ප්රසිද්ධ කිරීමෙන් ජාතික ආරක්ෂාවට තර්ජනයක් ඇති වී ඇති බවට අධිකරණ දෙපාර්තමේන්තුවේ නීතිඥයන් චෝදනා කර තිබේ.
















