අමෙරිකාවේ සැන් ෆ්රැන්සිස්කෝ නුවර පිහිටි OpenAI ප්රධාන කාර්යාලයේ රහසිගතව ශ්රව්ය පටිගත කිරීමේ උපකරණයක් සවි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම ආයතනයේ හිටපු මෘදුකාංග ඉංජිනේරුවෙකු අමෙරිකානු බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව CNN පුවත් සේවය වාර්තා කරයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 35 හැවිරිදි සවුදි අරාබි ජාතික අබ්දුල්රහ්මාන් අල්ෆොසාන් (Abdulrahman Alfozan) නමැති පුද්ගලයෙකි. ඔහු 2025 ජූලි මාසයේ සිට OpenAI ආයතනයේ නිෂ්පාදන කණ්ඩායමේ ඉංජිනේරුවෙකු ලෙස සේවය කර ඇති බව වාර්තා වේ.
අමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුවට අනුව, පසුගිය සැප්තැම්බර් 30 වැනිදා සිදුකළ සාමාන්ය පරීක්ෂාවකදී රැස්වීම් කාමරයක රූපවාහිනී යන්ත්රයක USB පෝට් එකකට සම්බන්ධ කර, වැසිකිළි කඩදාසිවලින් සඟවා තිබූ පටිගත කිරීමේ උපකරණයක් සොයාගෙන තිබේ.
සිද්ධියෙන් පසුව සැකකරුගේ රැකියාව අවසන් කර ඇති අතර, ඔහු මේ වන විට ෆෙඩරල් පොලිස් භාරයේ පසුවන බව CNN වාර්තා කරයි.
















