පසුගිය වසරේ වෙඩි ප්රහාරයකින් මියගිය මිද්දෙණියේ ‘කජ්ජා’ නමැත්තාගේ පුත්රයා විදේශයක නිෂ්පාදිත බෝල්ට් ඇක්ෂන් වර්ගයේ බෝර 12 ගිනි අවියක් සමඟ තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් වීරකැටිය, යග්ගස්මුල්ල ප්රදේශයේ නිවසක සඟවා තිබියදී අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් නිලධාරීන්ට ලද රහසිගත තොරතුරක් මත ඔක්තෝබර් 12 වැනිදා මෙම වැටලීම සිදු කර ඇති අතර, සැකකරු වැඩිදුර විමර්ශන සඳහා වීරකැටිය පොලිසියට භාරදී තංගල්ල මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.
කෙසේ වෙතත්, අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන පැය දෙකක් ඇතුළත ඔහු නැවත මුදාහැර ඇති බවට කජ්ජාගේ පුතා ෆේස්බුක් සටහනක් තබමින් “පැය දෙකයි කොල්ල එලියෙ” යන්න සටහන් කර ඇත. මේ වන විට සමාජ මාධ්ය ඔස්සේ දැඩි කතාබහක් සහ විවිධ අදහස් පැතිර යමින් පවතී.
















