සිරදඬුවම් නියම වී සිටින පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට බන්ධනාගාර බලධාරීන් ගෙන ඇති තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සම් සලකා බැලීම සඳහා අභියාචනාධිකරණය ත්රිපුද්ගල විනිසුරු මඩුල්ලක් නම් කර තිබේ.
අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය මහතා විසින් මෙම විනිසුරු මඩුල්ල නම් කර ඇති අතර, එයට අමල් රණරාජා, මහේන් ගොපල්ලව සහ ප්රියන්ත ප්රනාන්දු යන විනිසුරුවරුන් ඇතුළත් වෙති.
අදාළ පෙත්සම් සලකා බැලීමේ විනිසුරු මඩුල්ලෙන් තමන් ඉවත්වන බව සභාපති විනිසුරුවරයා දැනුම් දීමෙන් අනතුරුව නව ත්රිපුද්ගල විනිසුරු මඩුල්ල නම් කර ඇති බව වාර්තා වේ.


















