පොලිස්පතිවරයාගේ උපදෙස් මත දිවයින පුරා ක්රියාත්මක කරන අපරාධ හා මත්ද්රව්ය නිවාරණ විශේෂ මෙහෙයුම් යටතේ 2026 ඔක්තෝබර් 13 වැනිදා පුද්ගලයන් 26,195 දෙනෙකු පරීක්ෂා කර තිබේ.
කොට්ඨාස මට්ටමින් සියලුම ප්රාදේශීය පොලිස් ස්ථාන ආවරණය වන පරිදි සිදුකළ මෙම මෙහෙයුම්වලදී සැකපිට පුද්ගලයන් 409 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, අපරාධවලට සෘජුව සම්බන්ධ බවට හඳුනාගත් පුද්ගලයන් 24 දෙනෙකුද අත්අඩංගුවට ගෙන ඇත.
එසේම, අධිකරණය මඟින් නිකුත් කළ වරෙන්තු මත පුද්ගලයන් 367 දෙනෙකු සහ විවෘත වරෙන්තු මත පුද්ගලයන් 241 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
රථවාහන නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන්ද මෙහෙයුම් ක්රියාත්මක කර ඇති අතර, බීමත්ව රිය පැදවූ රියදුරන් 262 දෙනෙකු සහ අපරික්ෂාකාරී ලෙස රිය පැදවූ පුද්ගලයන් 126 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. රථවාහන සම්බන්ධ වෙනත් වැරදි 4,695ක්ද වාර්තා වී තිබේ.
අපරාධ හා මත්ද්රව්ය නිවාරණය සහ රථවාහන වැරදි පාලනය කිරීම අරමුණු කරගනිමින් මෙම විශේෂ මෙහෙයුම් අඛණ්ඩව ක්රියාත්මක කරන බව පොලිස් මාධ්ය කොට්ඨාසය සඳහන් කරයි.

















