කොළඹ හරහා මීගමුවේ සිට ගාල්ල දක්වා වන මුහුදු ප්රදේශවල තද සුළං සහ රළු මුහුදු ස්වභාවයක් ඇති විය හැකි බවට කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව විසින් අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ.
අදාළ මුහුදු ප්රදේශවල විටින් විට පැයට කිලෝමීටර 60ත් 70ත් දක්වා වන තද ප්රචණ්ඩ සුළං ඇති විය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි. මීට අමතරව, මීගමුවේ සිට කොළඹ හරහා ගාල්ල දක්වා වන වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වීමේ හැකියාවක්ද පවතී. මේ හේතුවෙන් එම මුහුදු ප්රදේශවල ක්රියාකාරී වන නාවික ප්රජාව සහ ධීවරයන් දැඩි විමසිලිමත්ව කටයුතු කරන ලෙස ඉල්ලා සිටී.


















