දළදා මාලිගාවේදී කේක් කෑමට ලබාදී, එහි සිටි පොලිස් නිලධාරීන්ගේ ගිනි අවි උදුරාගත් බවට මල්වතු පාර්ශ්වයේ මහානායක තිබ්බටුවාවේ ශ්රී සිද්ධාර්ථ සුමංගල හිමියන් ප්රකාශ කළ බව සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර පවසයි.
අද (14) පැවැති මාධ්ය හමුවකට එක්වෙමින් මහ ලේකම්වරයා සඳහන් කළේ, එතැනින් පසු කතාව මහානායක හිමියන් ප්රකාශ නොකළ බවත්, එම ගිනි අවි රැගෙන ඔවුන් විසින් වෙඩි තැබීමට කටයුතු කළ බවයි. වෙඩි තබා ඝාතනය කිරීම හා බෝම්බ ගසා ඝාතනය කිරීම යනු දෙකක් දැයි ප්රශ්න කළ හිටපු මන්ත්රීවරයා, එහි වෙනස ඇත්තේ වචනයේ පමණක් බවයි වැඩිදුරටත් අවධාරණය කළේය.


















