කඩිගමුව දුම්රිය ස්ථානය අසල පිහිටි පස් කන්දක් යළිත් වරක් කඩා වැටීම හේතුවෙන් දුම්රිය මාර්ගයට පස් කඩාවැදී දුම්රිය ධාවනයට බාධා මතුව තිබේ.
පස් කන්ද කඩාවැටීමත් සමඟ දුම්රිය සේවකයන් වහාම එම ස්ථානයට ළඟා වී මාර්ගය පිරිසිදු කිරීමේ කටයුතුවල නිරතව සිටින බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මෙම අවහිරතාව හේතුවෙන් ඊයේ (14) පස්වරු 5.15ට කොළඹ කොටුවෙන් පේරාදෙණිය බලා ගමන් ආරම්භ කළ දුම්රියක් ਰඹුක්කන දුම්රිය ස්ථානයේ නවතා තැබීමට සිදුව ඇත. කඩිනමින් මාර්ගය පිරිසිදු කර දුම්රිය ගමනාගමනය යථා තත්ත්වයට පත් කිරීමට පියවර ගනිමින් සිටින බව බලධාරීහු පවසති.


















