සෞදි අරාබියේ රියාද් අගනුවර දෙසට හූති කැරලිකරුවන් විසින් එල්ල කරන ලද බැලස්ටික් මිසයිලයක් සාර්ථකව බිම හෙළීමට සෞදි අරාබි බලධාරීන් සමත්ව තිබේ.
මෙම ප්රහාරයෙන් බිඳ වැටුණු මිසයිලයේ සුන්බුන් වැදීමෙන් එක් පුද්ගලයෙකු තුවාල ලබා ඇති බව එරට සිවිල් ආරක්ෂක බලධාරීන් පවසයි. මේ අතර, ඉදිරි දිනවලදීද සෞදි අරාබියේ ගුවන්තොටුපළවල් සහ තෙල් පහසුකම් ඉලක්ක කරගනිමින් සිය ප්රහාරක මෙහෙයුම් අඛණ්ඩව සිදුකරන බවට යේමනයේ හූති කැරලිකරුවන් අනතුරු ඇඟවීමක් කර ඇති බව විදෙස් මාධ්ය වාර්තා කරයි.


















