නීති විරෝධී මත්පැන් ලීටර් 75ක් (බෝතල් 100ක්) සමඟ සැකකරුවෙකු වලාන මධ්යම දූෂණ මර්දන ප්රහාරක ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
2026 ඔක්තෝබර් 14 වැනිදා උදෑසන පූගොඩ පොලිස් වසමේ පට්ටියගම ප්රදේශයේදී ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 48ක් වන අතර, ඔහු කිරිඳිවැල ප්රදේශයේ පදිංචිකරුවෙකි.
සැකකරු පූගොඩ පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් පූගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.












