ගෝලීය අර්ධ සන්නායක කර්මාන්තය වාර්ෂික ආදායම අමෙරිකානු ඩොලර් ට්රිලියනය ඉක්මවා යන සන්ධිස්ථානයකට ළඟා වී ඇති බව අර්ධ සන්නායක කර්මාන්ත සංගමය (Semiconductor Industry Association) නිකුත් කළ වාර්තා උපුටා දක්වමින් වාර්තා වේ.
කෘත්රිම බුද්ධි තාක්ෂණය වේගයෙන් ව්යාප්ත වීමත් සමඟ AI Accelerator චිප්, Logic චිප් සහ High-Bandwidth Memory (HBM) සඳහා ලොව පුරා ඉල්ලුම ඉහළ යාම මෙම වර්ධනයට ප්රධාන වශයෙන් බලපා ඇති බව සඳහන් වේ.
විශේෂයෙන්ම AI දත්ත මධ්යස්ථාන පුළුල් කිරීම සහ කෘත්රිම බුද්ධි යෙදවුම් සඳහා අවශ්ය උපාංග නිෂ්පාදනය ඉහළ යාම හේතුවෙන් අර්ධ සන්නායක කර්මාන්තයට සැලකිය යුතු වර්ධන උත්තේජනයක් ලැබී තිබේ.
මෙම ආදායම් සීමාවට ළඟා වීමට තවත් වසර කිහිපයක් ගතවනු ඇතැයි ඇතැම් තාක්ෂණික විශ්ලේෂකයන් පුරෝකථනය කර තිබුණද, වත්මන් AI තාක්ෂණික ප්රවණතාව හේතුවෙන් කර්මාන්තයේ වර්ධනය වේගවත් වී ඇති බව වාර්තා වේ.













