ජාතික හා පළාත් පාසල්වල පවතින ගුරු පුරප්පාඩු පිරවීම සඳහා බඳවා ගැනීමේ විභාගයේ ප්රතිඵල නිකුත් කර තිබුණද, අධ්යාපන පද්ධතියේ ගුරු හිඟයට ප්රමාණවත් විසඳුමක් ලැබී නොමැති බව විදුහල්පති ශ්රේණි නිලධාරීන්ගේ සංගමය පවසයි.
ගුරු සේවයට උපාධිධාරීන් බඳවා ගැනීම සඳහා විභාග දෙපාර්තමේන්තුව පැවැත්වූ ලිඛිත විභාගයේ ප්රතිඵල මත පළමු අදියරේ සම්මුඛ පරීක්ෂණ සඳහා සුදුසුකම් ලැබූ අයදුම්කරුවන්ගේ නාමලේඛනය මේ වන විට ප්රකාශයට පත් කර තිබේ.
සිංහල, දෙමළ සහ ඉංග්රීසි මාධ්ය ජාතික හා පළාත් පාසල්වල පවතින ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරීන් 23,006 දෙනෙකු බඳවා ගැනීමේ අරමුණින් මෙම විභාගය පැවැත්වුණි.
කෙසේ වෙතත්, විදුහල්පති ශ්රේණි නිලධාරීන්ගේ සංගමයේ ප්රධාන ලේකම් නිමල් මුදුන්කොටුව මහතා ප්රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් සඳහන් කර ඇත්තේ මෙම බඳවා ගැනීම් හරහා පවතින ගුරු පුරප්පාඩු හිඟයට විසඳුම් නොලැබෙන බවයි.
එමෙන්ම, පුරප්පාඩු සම්පූර්ණ කිරීම සම්බන්ධයෙන් රාජ්ය සේවා කොමිෂන් සභාව සිය වගකීම නිසි පරිදි ඉටු කර නොමැති බවටද සංගමය චෝදනා කරයි.













