• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන සත්‍ය තොරතුරු ජනතාවට ගෙන යාමේ වගකීම මාධ්‍යයටත් පැවරෙනවා

අගමැති හරිනි

15 October 2026
in දේශීය, පුවත්
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන සත්‍ය තොරතුරු ජනතාවට ගෙන යාමේ වගකීම මාධ්‍යයටත් පැවරෙනවා
0
SHARES
7
VIEWS
Share on FacebookShare on Twitter
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ ජාතික සංවාදයක් ඇති කරමින්, ඒ සම්බන්ධයෙන් සත්‍ය හා නිවැරදි තොරතුරු ජනතාව වෙත ගෙන යාමේදී මෙරට ජනමාධ්‍යයට ප්‍රමුඛ කාර්යභාරයක් පැවරෙන බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසයි.
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ ජනතාව දැනුවත් කිරීම සඳහා සකස් කළ RIES (Reform Information & Enquiry Service) නිල වෙබ් අඩවිය එළිදැක්වීම සහ විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ආයතන ප්‍රධානීන් දැනුවත් කිරීම වෙනුවෙන් ඊයේ (14) අරලියගහ මන්දිරයේ පැවැති වැඩසටහනට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළාය.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් මහජනතාවට තොරතුරු ලබාගැනීමට සහ ගැටලු යොමු කිරීමට https://edureformfact.moe.gov.lk වෙබ් අඩවියට පිවිසිය හැකිය.
මෙහිදී අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නේ මෙම ප්‍රතිසංස්කරණ විෂයමාලා වෙනසකට පමණක් සීමා නොවී සමස්ත අධ්‍යාපන ක්‍රමයේ පරිවර්තනයක් අරමුණු කරගත් ජාතික කාර්යයක් බවයි. 2026 වසරේ පළමු ශ්‍රේණියෙන් ප්‍රතිසංස්කරණවල එක් අදියරක් ආරම්භ කර ඇති අතර, 2027 වසරේදී හයවන ශ්‍රේණියට ද ඒවා හඳුන්වා දීමට සැලසුම් කර තිබේ.
ඒ සඳහා ගුරු පුහුණුව, යටිතල පහසුකම් සංවර්ධනය සහ ඩිජිටල්කරණය ඇතුළු වැඩපිළිවෙළ රැසක් ක්‍රියාත්මක කරමින් පවතින බවද ඇය සඳහන් කළාය. දරුවන්ගේ අධ්‍යාපනය දේශපාලන මතභේදවලට ලක් නොකර, ඒ වෙනුවෙන් ධනාත්මක සංවාදයක් ගොඩනැගීම සියලු දෙනාගේ වගකීමක් බවද අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළාය.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ විශේෂ දේශනයක් පැවැත්වූ මහාචාර්ය ප්‍රභාත් ජයසිංහ මහතා සඳහන් කළේ, කටපාඩම් කිරීම මත පදනම් වූ ගුරු කේන්ද්‍රීය ක්‍රමයෙන් ඔබ්බට ගොස් සිසුන් කේන්ද්‍ර කරගත්, සැබෑ ලෝකයේ අත්දැකීම් සමඟ බැඳුණු ඉගෙනුම් ක්‍රමයක් හඳුන්වා දීම ප්‍රතිසංස්කරණවල ප්‍රධාන අරමුණක් බවයි.
ඒ අනුව, දරුවන්ගේ සංජානන හැකියාවන්ට අමතරව චිත්තවේගීය, සමාජීය, ශාරීරික හා සදාචාරාත්මක සංවර්ධනය ද අවධානයට ලක් කෙරේ. තාක්ෂණික, මූල්‍ය, මාධ්‍ය හා විද්‍යාත්මක සාක්ෂරතාව මෙන්ම විවේචනාත්මක චින්තනය සහ සන්නිවේදන හැකියාවන් ඇතුළු 21 වැනි සියවසට අවශ්‍ය නිපුණතා වර්ධනය කිරීමද මෙහි අරමුණකි.
සාමාන්‍ය අධ්‍යාපනය, වෘත්තීය අධ්‍යාපනය සහ තෘතීයික අධ්‍යාපනය එකිනෙකට සම්බන්ධ කරමින් 13 වැනි ශ්‍රේණිය දක්වා දරුවන්ට අධ්‍යාපන අවස්ථා සලසා දීමත්, අවසාන විභාග මත පමණක් රඳා නොසිට විශ්ලේෂණය, නිර්මාණශීලීත්වය සහ ගැටලු විසඳීමේ හැකියාවන් අඛණ්ඩව ඇගයීමත් යෝජිත වෙනස්කම් අතරට අයත් වේ.
මෙම අවස්ථාවට නියෝජ්‍ය අමාත්‍යවරුන් වන වෛද්‍ය මධුර සෙනෙවිරත්න සහ නලින් හේවගේ යන මහත්වරුන්, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව මහතා, අධ්‍යාපන ක්ෂේත්‍රයේ නිලධාරීන්, මාධ්‍ය ආයතන ප්‍රධානීන්, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් සහ අධ්‍යාපන විශේෂඥයන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.
Post Views: 8
Previous Post

කොළඹ වරාය නගරයේ ආයෝජන, ඩොලර් බිලියන 1.12ක ඉඩම් බදු සහ මහල් නිවාස ව්‍යාපෘති ගැන CoPF අවධානය යොමු කරයි

Next Post

ගුරුවරු 23,006ක් බඳවා ගන්න විභාග ප්‍රතිඵලත් නිකුත් කරලා.. ඒත් ගුරු හිඟය තවමත් එහෙමමයි..

Editor TTV News

Editor TTV News

Next Post
ගුරුවරු 23,006ක් බඳවා ගන්න විභාග ප්‍රතිඵලත් නිකුත් කරලා.. ඒත් ගුරු හිඟය තවමත් එහෙමමයි..

ගුරුවරු 23,006ක් බඳවා ගන්න විභාග ප්‍රතිඵලත් නිකුත් කරලා.. ඒත් ගුරු හිඟය තවමත් එහෙමමයි..

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉන්දීය නාවික හමුදාවේ පුහුණු යාත්‍රා තුනක් නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙයි

බ්‍රිතාන්‍යය පසුකරමින් ශ්‍රී ලංකාවේ අපනයන වෙළෙඳපොළේ දෙවන තැන ඉන්දියාව දිනාගනියි

27 October 2026
ඉන්දීය නාවික හමුදාවේ පුහුණු යාත්‍රා තුනක් නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙයි

ඉන්දීය නාවික හමුදාවේ පුහුණු යාත්‍රා තුනක් නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙයි

27 October 2026
බිග් බෑෂ් ලීග් තරගාවලියේ හෝබාර්ට් හරිකේන්ස් කණ්ඩායමට චමරි අතපත්තු එක්වෙයි

දේශීය සිනමාව කර්මාන්තයක් බවට පත්කිරීමේ විශේෂ යෝජනාවලිය සංස්කෘතික ඇමතිට පිළිගන්වයි

27 October 2026

බිග් බෑෂ් ලීග් තරගාවලියේ හෝබාර්ට් හරිකේන්ස් කණ්ඩායමට චමරි අතපත්තු එක්වෙයි

27 October 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉන්දීය නාවික හමුදාවේ පුහුණු යාත්‍රා තුනක් නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙයි

බ්‍රිතාන්‍යය පසුකරමින් ශ්‍රී ලංකාවේ අපනයන වෙළෙඳපොළේ දෙවන තැන ඉන්දියාව දිනාගනියි

27 October 2026
ඉන්දීය නාවික හමුදාවේ පුහුණු යාත්‍රා තුනක් නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙයි

ඉන්දීය නාවික හමුදාවේ පුහුණු යාත්‍රා තුනක් නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙයි

27 October 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved