• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

Port City නිර්දේශයෙන් විදේශිකයන්ට වීසා 14,300ක් නිකුත් කරලා!

ඔවුන්ගේ කටයුතු අධීක්ෂණය ගැන පාර්ලිමේන්තුවේ අවධානය

15 October 2026
in දේශීය, පුවත්
Port City නිර්දේශයෙන් විදේශිකයන්ට වීසා 14,300ක් නිකුත් කරලා!
0
SHARES
5
VIEWS
Share on FacebookShare on Twitter
කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාවේ නිර්දේශ මත විදේශිකයන්ට වීසා 14,300ක් පමණ නිකුත් කර ඇති බව අනාවරණය වීමත් සමඟ, එම විදේශිකයන්ගේ කටයුතු අධීක්ෂණය කිරීමේ ක්‍රමවේද පිළිබඳව පාර්ලිමේන්තුවේ රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාව අවධානය යොමු කර තිබේ.
පාර්ලිමේන්තු නිවේදනයකට අනුව, ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් ඔක්තෝබර් 8 වැනිදා පැවති කාරක සභා රැස්වීමේදී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇත.
වරාය නගර කොමිෂන් සභාවේ නිර්දේශ මත වීසා ලබාගත් විදේශීය සේවකයන්ගේ ක්‍රියාකාරකම් මෙරට තුළ අධීක්ෂණය කිරීමේ ප්‍රායෝගික හැකියාව සහ ඒ සඳහා පවතින ක්‍රමවේද පිළිබඳව කාරක සභා සාමාජිකයන් එහිදී කරුණු විමසා තිබේ. වරාය නගරය තුළ නීතිවිරෝධී ක්‍රියා වැළැක්වීම සහ ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර කීර්තිනාමය ආරක්ෂා කිරීම සඳහා නියාමන ක්‍රියාමාර්ග ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවද අවධාරණය කර ඇත.
එමෙන්ම, වරාය නගරයේ ආයෝජනය කරන සමාගම්වල සැබෑ ප්‍රතිලාභ හිමිකරුවන් හඳුනාගැනීම, විදේශ ආයෝජනවල විනිවිදභාවය තහවුරු කිරීම සහ මුදල් විශුද්ධිකරණය හා ත්‍රස්තවාදී මූල්‍යකරණය වැළැක්වීම සඳහා පවතින ක්‍රමවේද පිළිබඳවද සාමාජිකයන් ප්‍රශ්න කර තිබේ.
වරාය නගරයේ ආයෝජන ව්‍යාපෘතිවල ප්‍රගතිය සම්බන්ධයෙන්ද මෙහිදී කරුණු ඉදිරිපත් වී ඇත. ඒ අනුව, ඇමෙරිකානු ඩොලර් බිලියන 1.12ක් පමණ වටිනා භූමි කොටස් නවයක් මේ වනවිට වසර 99ක කාලයක් සඳහා බදු දී ඇති අතර, තවත් ඇමෙරිකානු ඩොලර් බිලියන 1ක පමණ වටිනාකමකින් යුත් භූමි කොටස් හයක් බදු දීමට සැලසුම් කර තිබේ. රජයට අයත් තවත් භූමි කොටස් හතරක් වෙළෙඳපොළට ඉදිරිපත් කිරීම සඳහා සූදානම් කරමින් පවතින බවද නිලධාරීන් සඳහන් කර ඇත.
නිලධාරීන්ට අනුව, අදාළ භූමි කොටස් වර්ග මීටරයකට ඇමෙරිකානු ඩොලර් 3,000ක සාමාන්‍ය වටිනාකමකට බදු දී තිබේ. වරාය නගරය තුළ ව්‍යාපාර පවත්වාගෙන යාමට අනුමැතිය ලැබූ ආයතන සිය මෙහෙයුම් ආරම්භ කර තිබේද, අපේක්ෂිත විදේශ ආයෝජන සහ රැකියා අවස්ථා උදා වී තිබේද යන්න පිළිබඳවද කාරක සභාව විමසා ඇත.
තවද, කොන්ඩෝමිනියම් නිවාස ඒකක මිලදී ගන්නා ආයෝජකයන් තැන්පත් කරන මුදල් ආරක්ෂා කිරීම සහ එම මුදල් අදාළ සංවර්ධන ව්‍යාපෘති සඳහා පමණක් යොදාගැනීම තහවුරු කිරීමට Escrow ගිණුම් භාවිත කිරීමේ වැදගත්කම පිළිබඳවද සාකච්ඡා කර තිබේ.
මෙම සාකච්ඡාවට නියෝජ්‍ය අමාත්‍යවරුන් වන චතුරංග අබේසිංහ සහ නිශාන්ත ජයවීර මහත්වරුන් ඇතුළු ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් සහභාගී වී ඇත.
Post Views: 12
Previous Post

ගුරුවරු 23,006ක් බඳවා ගන්න විභාග ප්‍රතිඵලත් නිකුත් කරලා.. ඒත් ගුරු හිඟය තවමත් එහෙමමයි..

Next Post

නව ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතෙන් ජනතා නිදහසට බලපෑම් එල්ල විය හැකි බවට TISL අනතුරු අඟවයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉන්දීය නාවික හමුදාවේ පුහුණු යාත්‍රා තුනක් නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙයි

බ්‍රිතාන්‍යය පසුකරමින් ශ්‍රී ලංකාවේ අපනයන වෙළෙඳපොළේ දෙවන තැන ඉන්දියාව දිනාගනියි

27 October 2026
ඉන්දීය නාවික හමුදාවේ පුහුණු යාත්‍රා තුනක් නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙයි

ඉන්දීය නාවික හමුදාවේ පුහුණු යාත්‍රා තුනක් නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙයි

27 October 2026
බිග් බෑෂ් ලීග් තරගාවලියේ හෝබාර්ට් හරිකේන්ස් කණ්ඩායමට චමරි අතපත්තු එක්වෙයි

දේශීය සිනමාව කර්මාන්තයක් බවට පත්කිරීමේ විශේෂ යෝජනාවලිය සංස්කෘතික ඇමතිට පිළිගන්වයි

27 October 2026

බිග් බෑෂ් ලීග් තරගාවලියේ හෝබාර්ට් හරිකේන්ස් කණ්ඩායමට චමරි අතපත්තු එක්වෙයි

27 October 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉන්දීය නාවික හමුදාවේ පුහුණු යාත්‍රා තුනක් නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙයි

බ්‍රිතාන්‍යය පසුකරමින් ශ්‍රී ලංකාවේ අපනයන වෙළෙඳපොළේ දෙවන තැන ඉන්දියාව දිනාගනියි

27 October 2026
ඉන්දීය නාවික හමුදාවේ පුහුණු යාත්‍රා තුනක් නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙයි

ඉන්දීය නාවික හමුදාවේ පුහුණු යාත්‍රා තුනක් නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙයි

27 October 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved