කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (15) ගනුදෙනු අවසානයේදී ඒකක 175.09කින් හෙවත් 0.88%කින් ඉහළ ගොස් තිබේ.
ඒ අනුව, ගනුදෙනු අවසානයේ සියලු කොටස් මිල දර්ශකය ඒකක 19,971.15ක් ලෙස සටහන් වී ඇත.
මේ අතර, අද දිනයේ කොළඹ කොටස් වෙළෙඳපොළේ මුළු දෛනික පිරිවැටුම රුපියල් බිලියන 1.5ක් ලෙස වාර්තා වී තිබේ.













